27 July 2024
#දේශීය

SF ලොක්කා ඝාතකයින් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය පොලිසිය ලබා දී ඇත්තේ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස “එස්.එෆ්.ලොක්කා“ නම් කර සිටි අයෙකු වන අතර T56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග මොහු ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මුලූමනින්ම දැවී ගොස් ඇති බව අනුරාධපුර TTVnews අප වාර්තාකරු කියා සිටියේය.

යතුරු පැදියකින් පැමිණි දෙනෙකු විසින් දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටු වසා මෙම වැඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *