• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති වී පැය 72 කදී පොලිස් නිලධාරින්ගේ දීමනා ප්‍රශ්ණය විසදනවා – ජනපති අපේක්ෂක සජිත්

4 November 2019
in දේශීය

උස් පහත් භේදයකින් තොරව සියළුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වී පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා කලවානේදි ඊයේ (03) පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන අප සැමගේ සිහිනය වන්නේ ආපදාවන් හා පරිසර හානි සිදු නොවන ආකාරයට රුවන් පුර අධිවේගී මාර්ගය නිර්මාණය කරන බවයි.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” පොලිස් නිලධාරින් ගැන වචනයක් කිව යුතුයි. කණගාටුවෙන් වුවත් කිව යුතුයි ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියලා එය නතර කරලා තියෙන්නේ. අපි පොලිස් නිලධාරින්ට කියනවා මා ජනාධිපති වී පැය 72 ක් තුළ බටා එක පමණක් නොව ආහාර දිමනාවත් ලබා දෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

ලබන 16 දාට අපි ආරම්භ කරන්නේ නව යුගයක්, නව ආරම්භයක්, අලුත් ගමනක්, බොරු නොකියන ගමනක්, මර්ධනය නැති ගමනක්, ප්‍රජාතන්ත්‍රවාදි ගමනක්, පොදු ජන අයිතිය ශක්තිමත් කරන ගමනක්. පනස් දෙහැවිරිදි ජනාධිපතිවරයෙක් පත් කර ගෙන දිවාරෑ නොබලා සීග්‍රාමි සංවර්ධනයක් යුගයක් නිර්මාණය කරන්න සියලු දෙනාම සවිය දෙන්න. මෙරටට අවශ්‍ය යල් පැන ගිය ඇටුවන් බැහැපු අය නොව අලුත් ජවයක් සමග අලුත් හයියක් සමග තරුණ පරපුරට, කාන්තා පරපුරට, සමස්ත පුරවැසි පරපුරටම ශක්තිය ලබා දෙන නව රජයක් යටතේ දුෂණය කරපු මර්ධනය කළ මංකොල්ල කෑම් කළ රටේ ජාතික සම්පත් විනාශ කළ කිසිවෙකු මගේ රජයට ඇතුලත් කර ගන්නේ නැහැ. පිරිසිදු ගමනක් පවිත්‍ර දර්ශනයක්, ජනතාවාදි ජනහිතකාමි පිළිවෙතක් හරහා අපි අනිවාර්යයෙන්ම මේ රට දියුණු කරනවා. මේ රට දියුණු කරනවා මගේ ආදරණිය සදාදරණිය පුරවැසි පරපුරම රැක ගන්නවා. අපේ මාතෘභූමිය දිවිහිමියෙන් සුරකිනවා.

මා ජනතාවට කියන්නේ ගෙයක් ගෙයක් ගානේ ගොස් පක්ෂ පන්ති පාට බේදයකින් තොරව අලුත් අවංක පිරිසිදු ගමන, භිෂණයෙන් තොර ගමන, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර ගමන, සුදුවෑන් වලින් තොර ගමන, මිනිමැරුම්වලින් තොර ගමන, රටේ ජනතාව ජිවත් කරවන ගමනට ශක්තිය ලබා දෙන ලෙස කියන්න කියලායි. යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 17
Previous Post

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි…

Next Post

හම්බන්තොට වරාය විකිණීමට අඩිතාලම දැම්මේ රාජපක්ෂලා බව ඇමැති අර්ජුන කියයි

editor

editor

Next Post

හම්බන්තොට වරාය විකිණීමට අඩිතාලම දැම්මේ රාජපක්ෂලා බව ඇමැති අර්ජුන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved