27 April 2024
#සංවර්ධන

යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්තිල ආර්ථික කටයුතුල නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනල උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ඊයේ (07) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඒවේනෙයි ග්‍රාමයේ රුපියල් මිලියන 72 ක වියදමින් ඉදිකළ නිවාස 53 කින් යුත් පොකුරු නිවාස ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්තිල ආර්ථික කටයුතුල නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනල උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වීග සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභි අයිතියට පැවරීම සිදු කෙරිණි.

මෙම නිවාස වැඩසටහනට සමගාමීව පානීය ජලයල විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග, ප්‍රජා ශාලාවල ආගමික ස්ථාන ඇතුළු යටිතල පහසුකම් සපයා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්ග වේදනායගම්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්ග මුරලිතරන්ල උඩුවිල් ප්‍රාදේශීය ලේකම් එස්ගජයකාන්ත් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *