• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවෙන් ජීප් රථ 750 ක් ශ්‍රී ලංකාවට

20 October 2018
in සංවර්ධන

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.

අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී හමුවෙමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගීතාව හේතුවෙන් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්වී ඇති බව ය.

ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධන ක්‍රියාවලිය විධිමත් කරලීම උදෙසා ඉන්දියාව ලබා දෙන සහයෝගය පිළිබඳව මෙහිදී වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර සිටියේය. ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ සියයට 30 කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බවත්, ලැබුණු පැමිණිලි වලින් සියයට 90 කට විසඳුම් ලබා දීමට හැකි වූ බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරඟ පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යානුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහය ලබා දීමට ද රාජ්නාත් සිං මහතා එකඟ විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියේ ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන ආරක්‍ෂණ ක්‍රමවේද හා තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් ශ්‍රී ලංකාවට ද ලබා දෙන ලෙස ය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

Post Views: 12
Previous Post

ගෝඨා ඇමරිකන් පුරවැසියෙක්… එයාට ඡන්දේ ඉල්ලන්න බෑ – වෙල්ගම කියයි

Next Post

යළි ඝාතන සංස්කෘතියකට ඉඩ දෙනවාද? බුද්ධිමත්ව සිතා බලන්න …. ඇමැති සජිත් කියයි

editor

editor

Next Post

යළි ඝාතන සංස්කෘතියකට ඉඩ දෙනවාද? බුද්ධිමත්ව සිතා බලන්න .... ඇමැති සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved