27 April 2024
#දේශීය

මෙරට කොරෝනා රෝගීන් 77 දක්වා ඉහලට

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.

මේ අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබු පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍යන අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථන සංඛ්‍යාව 22ක 3063ක් නිරෝධයනයට යොමු වී ඇත.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *