27 April 2024
#දේශීය

අනුරාධපුරේ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය යයි

අනුරාධපුර බන්ධනාගාරයේ තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පලායාම සඳහා ගත් උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

එසේම එහිදී තුවාල ලැබූ රැඳවියන් 6 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඔවුන් අතර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොදවා ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ කිසිවෙකුත් බන්ධනාගාරයෙන් පලාගොස් නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

 

පෙර පුවත් 2020-03-21 19:44:29

අනුරාධපුර සිරමැදිරියේ එක් රැඳවියෙකු වෙඩි තැබීමකින් මිය යයි 

අනුරාධපුර සිර මැඳිරියේ වෙඩි තැබිමකින් එක් රැඳවියෙකු මිය  ගිය බව අනුරාධපුර රෝහල් ප්‍රකාශකයෙකු බවයි. මේ අතර එම වෙඩි තැබීම් වලින් තවත් රැඳවියන් තිදෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

 

පෙර පුවත් 

අනුරාධපුර සිර මැදිරියේ නොසන්සුන්තාවයක් (2020/ 03/21  7.30 පස්වරු )

 

අනුරාධපුර සිර මැදිරියේ සිටි සිරකරුවෙකුට කොරෝනා වෛරසය ආසාධනය වුවෙකු බවට තහවුරු වීමත් සමඟ නිදහස් කරන්න ලෙස එහි රැඳවියන් විසින් ඉල්ලීමක් කර තිබේ. 

ඒ අනුව අද පස්වරුවේදී රැදවියන් සමඟ ඇති වු නොසන්සුතාවය මත එහි වෙඩි තැබීම් කිහිපයක් සිදු වු බවට ශබ්ද ඇසුණු බව අපගේ වාර්තාකරු කියා සිටියේය.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පොලිස් විශේෂ බලකාය මෙන්ම හමුදාව යොදවා ඇති තිබේ.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *