ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි ඉෂාන්ක් නමැති පිහිනුම් ක්‍රීඩකයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ඉෂාන්ක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 29කට ආසන්න දුරක් පිහිනා ගොස් ඇත.
මෙම දුර ප්‍රමාණය තරණය කිරීමට ඔහු ගත කර ඇත්තේ පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයකි.ඒ අනුව පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.
“විශ්ව වාර්තා සංසදය” (Universal Records Forum) මගින් ඔහුව “පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලාබාලතම සහ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා” ලෙස පිළිගෙන ලෝක වාර්තා සහතිකය පිරිනමා තිබේ.ඉෂාන්ක් රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.මෙම ඉලක්කය වෙනුවෙන් ඔහු අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ දිනකට පැය 4ක් 5ක් පමණ ධුර්වා වේල්ලේ පුහුණුවීම් සිදු කර ඇත.
රළු මුහුදු තත්ත්වයන් හමුවේ ඔහු පෑ මෙම අසාමාන්‍ය ධෛර්යය සෙසු සිසුන්ට මහත් ආදර්ශයක් බව ඔහුගේ පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබේ.














