• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 8,000 ක් නිදහස් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලොහාන් කියයි

7 December 2020
in දේශීය

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේ පැවැති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දීය. එය අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව රත්වත්තේ මහතා පැවසුවේය.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද ප්‍රකාශ කළේය.

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

සුළු ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කාරක සභාවේ දී පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින බවත් ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූවන් බවත්ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන් රඳවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහි දී පෙන්වා දුන්නේය. බොහෝ අවස්ථාවලදී වරදකරුවන් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, රැඳවියන් 100 කගේ පමණ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කීවේය. ඉන් 29 ක් පමණක් කොවිඩ් 19 ධනාත්මක බවත්, ඉතිරි අයගේ PCR වාර්තා ලැබීමෙන් පසු මුදා හරිනු හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීවේය.

මවුපියන් දෙදෙනාම අහිමි වූ ළමයින්, රිමාන්ඩ් කරන ලද ළමයින් සහ වැරදිකරුවන් වී ඇති ළමයින් එකම අනාථ නිවාසයක ජීවත් වන බවත්, ළමා මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමයින්ට සම්බන්ධ නඩු විභාග ප්‍රමාද වීම ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. පළාතකට ළමා අධිකරණයක් බැගින් ස්ථාපිත කරන ලෙසත්, මන්ත්‍රීවරයා යෝජනා කළේය. මෙම යෝජනාව අගය කරමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවයි.

අධිකරණවල විභාගවන නඩු ප්‍රමාද වීම යන සාධකයේදී ලොව රටවල් 189 ක් අතරින් ශ්‍රී ලංකාව 165 වැනි ස්ථානයේ පසුවන බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා එය කණ්ගාටුවට කරුණක් බව ද පැවසීය. වසර 25 කට වඩා වැඩි කාලයක් විසඳා නොහැකිව දිසා අධිකරණයේ සිවිල් නඩු 5000 කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා විනිසුරුවන් හා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ යුතු විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කර ඇති බවත්, අභියාචනාධිකරණයේ සේවය කළ විනිසුරුවන්ගේ සංඛ්‍යාව අභියාචනය 12 සිට 20 දක්වා වැඩි කර ඇති බවත් ය.

අධිකරණ පද්ධතිය පුළුල් කිරීමේ දී දැනට අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශය පිහිටා ඇති පරිශය ද ඒ වෙනුවෙන් භාවිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට මැති ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 9
Previous Post

උත්සව කාලයේදී සංචරණ සිමා කරන්න

Next Post

නිරෝධායන මධ්‍යස්ථානවල ඇති අඩුපාඩු ගැන ජනපතිගේ අවධානයට

editor

editor

Next Post

නිරෝධායන මධ්‍යස්ථානවල ඇති අඩුපාඩු ගැන ජනපතිගේ අවධානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved