27 April 2024
#දේශීය

කාපට් යොදා සංවර්ධනය කළ ගොඩගම මාර්ග 8ක්, ඇමැති දිනේෂ් අතින්, ජනතා අයිතියට

මාර්ග සංවර්ධන අධිකාරිය හරහා, හෝමාගම, ගොඩගම, ගොඩගමගේවත්ත පාරේ, අතුරු මාර්ග 8ක් කාපට් අතුරා සංවර්ධනය කර, පසුගිය 30 වනදා දින ජනතා අයිතියට පත් කෙරුණි.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒවා ජනතා අයිතියට පත් කෙරුන අතර, ම.එ.පෙ.හෝමාගම ප්‍රධාන සංවිධායක පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි සොයිසා මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ මෙන්ම ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගොඩගම ප්‍රදේශයේ තවත් අතුරු මාර්ග 4ක් සංවර්ධනය කර අවසන් වී ඇති අතර මේ සියලු මාර්ග සඳහා වැය කර ඇති මුදල රුපියල් 4, 78 00 000ක් (හාර කෝටි හැත්තෑ අට ලක්ෂයක් ) වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *