27 April 2024
#දේශීය

මාරක රිය අනතුරින් දෙදෙනෙකු මරුට

වැල්ලව, මුත්තෙට්ටුගල, හිරිපිටිය මාර්ගයේ ඊයේ (02) පෙරවරු කාලයේදී කුඩා ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වු අනතුරින් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ එම ලොරිය හදිරවලාන ප්‍රදේශයේ දී මුත්තෙට්ටුගල දෙස සිට වැල්ලව දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක ඉදිරියෙන් එම දිශාවට ධාවනය වු යතුරු පැදියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැල්ලව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරිව දෙදෙනාම මිය ගොම් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 19 සහ 43 වයස්වල පසුවන බවත් ඔවුන් වැල්ලව හා හුණුපොල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මෘත ශරීර වැල්ලව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ලොරි රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්දයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *