27 April 2024
#දේශීය

දුම්රියට පැන 82 හැවිදිරි පුද්ගලයෙකු සියදිවි නසා ගනි

මාන්කුලම්, කොකාවිල් දුම්රිය හරස් මාර්ගයේ අලෝක සංඥා කණුව අසලදී ධාවනය වන දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (22) උදෑසන කාලයේදී සිදු වු මෙම සිද්ධියෙන් වයස අවුරුදු 82 ක් වු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි මිය ගොස් ඇත. මෘත ශරීරය සම්බන්ධයෙන් මුළික මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර සිරුර ඥාතීන්ට භාර දී ඇත.

සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *