• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිය හෙට (20)

19 August 2020
in දේශීය

සම්ප්‍රදායට අනුව තේරී පත්වන මන්ත්‍රිවරයන් සහභාගි වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන දිනයකදී ආරම්භ කරයි. ඒ අනුව මේවර එම දිනය යෙදී තිබෙන්නේ හෙට(20) දිනයටයි.

පසුගිය අගෝස්තු 05 වැනිදා මෙරට මහ මැතිවරණයෙන් නව වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රිවරුන් ‍‍තෝරා පත්කර ගන්නා ලද අතර, පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 225ක් බවට පත්වන්නේ, මන්ත්‍රිවරුන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් ඇතුළත්වන මන්ත්‍රිවරයන් 29 දෙනෙක්ද ඇතුළුවයි.

මෙදින සභා ගර්භයේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාටයි.

පළමු දිනයේදී මන්ත්‍රිවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රිවරුන්ට හිමිවනවා.

දිනයේ පළමු කාර්ය ලෙස සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය මහ ලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලබනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) වගන්තිය ප්‍රකාරව අනුපිළිවෙළින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රිවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ කටයුතු පිළිවෙලින් සිදුකරනු ලබනවා.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රිවරයෙක් පත් කළ හැකි අතර කිසියම් මන්ත්‍රිවරයකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රිවරයාගේ කැමැත්ත විමසිය යුතු වනවා.

කථානායකවරයා පත්කිරීම ‍මන්ත්‍රි යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවස්ථාවක් නොලැබෙන අතර, මහ ලේකම්වරයා විසින් මුලින්ම කථානායකවරයා පත් කරගත යුතු බව සභාවට දැනුම් දෙනු ලබයි. 

කථානායකවරයා පත් කර ගත් පසු ඔහු විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබාගනු ලබන්නේ මහ ලේකම්වරයා විසිනි. ඉන් පසු කථානායකවරයා ස්තුතී කතාව කරනු ලබයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලු මන්ත්‍රිවරයන් පළමු දිනයේදී අස්සන් තැබීමේ ලේඛනයේ අස්සන් තැබීම සිදුකළ යුතු වනවා.

නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද මෙහෙයවීම් සිදුකරනු ලබන්නේ කථානායකවරයා විසිනි.

ඉහත කටයුතු සිදුකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ.

Post Views: 10
Previous Post

නව ක්‍රිඩා පනතක් සකස් කල යුතුයි – ඇමැති නාමල්

Next Post

19 ව්‍යවස්ථා සංශෝධනයට අවසර ලබාගැනීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

editor

editor

Next Post

19 ව්‍යවස්ථා සංශෝධනයට අවසර ලබාගැනීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved