බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය තුළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














