• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

ELEVATE Agentic AI Hackathon සාර්ථකව පැවැත්වේ

3 September 2026
in දේශීය, පුවත්
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය තාක්ෂණ සමාගමක් වන 99x, සිය ඉංජිනේරු කණ්ඩායම් තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ELEVATE 2026 Agentic AI Hackathon වැඩසටහන පසුගියදා සාර්ථකව පවත්වා තිබෙනවා.
මෙම අභ්‍යන්තර Hackathon වැඩසටහන සඳහා 99x ආයතනයේ සේවකයන් 150කට අධික පිරිසක් කණ්ඩායම් 30ක් යටතේ එක්වී ඇති අතර, ඔවුන්ගේම ව්‍යාපෘති සහ මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලීන් තුළ පවතින සැබෑ ගැටලු සඳහා AI agents නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.
වර්තමානයේ මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ AI භාවිතය හුදෙක් code generation සඳහා පමණක් සීමා නොවී, නිශ්චිත කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කිරීමට, විවිධ පද්ධති අතර ක්‍රියා කිරීමට සහ මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියේ අදියර කිහිපයකට සහාය වීමට හැකි AI agents දක්වා වර්ධනය වෙමින් පවතිනවා.
99x සමාගමද සිය AI-driven development lifecycle හරහා මෙම තාක්ෂණික වෙනස සක්‍රීයව අත්හදා බලමින් සිටින අතර, AI තාක්ෂණය ප්‍රායෝගික ඉංජිනේරු පරිසරයන් තුළ යොදාගැනීමට සේවකයන්ට අවශ්‍ය අත්දැකීම් ලබාදීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
99x හි Xianix වේදිකාව තුළ විශේෂිත AI agents, Forward Deployed Engineers (FDEs) සහ engineering guardrails එකම delivery pod එකක් තුළ ඒකාබද්ධ කර තිබෙනවා. අවශ්‍යතා විශ්ලේෂණය, තාක්ෂණික සැලසුම්, pull request review, test planning සහ release management වැනි මෘදුකාංග සංවර්ධන කාර්යයන් සඳහා AI agents භාවිත කිරීම මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.
ELEVATE වැඩසටහන හරහා එම සංකල්පය සමාගමේ නිෂ්පාදන ව්‍යුහයෙන් ඔබ්බට ගෙන ගොස්, 99x සේවකයන්ට සැබෑ ව්‍යාපෘති ගැටලු සමඟ එය අත්හදා බැලීමට අවස්ථාව ලබාදී තිබෙනවා. Hackathon තරගයේ කණ්ඩායම් ඇගයීම සඳහා තාක්ෂණික සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩල පහක්ද එක්ව තිබෙනවා.
99x හි Senior Manager – Software Engineering Yohan Gunathilaka මහතා පෙන්වා දී ඇත්තේ, ELEVATE වැඩසටහන සැලසුම් කර ඇත්තේ සමාගමේ කණ්ඩායම් දැනටමත් මුහුණදෙන සැබෑ ගැටලු මත පදනම්ව බවයි. AI model එකකට prompt ලබාදීමෙන් ඔබ්බට ගොස්, AI agent එකක් ඉංජිනේරු workflow එකක කොටසක් ලෙස ක්‍රියා කරන ආකාරය, එය ක්‍රියාත්මක වන්නේ කුමන අවස්ථාවකද, එය නිර්මාණය කරන ප්‍රතිඵල මොනවාද සහ මිනිස් තීරණ අවශ්‍ය වන්නේ කොතැනද යන්න පිළිබඳව අවධානය යොමු කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, AI agents මගින් ඉංජිනේරුවන් ප්‍රතිස්ථාපනය කිරීම 99x සමාගමේ අරමුණ නොවන බවද අවධාරණය කර තිබෙනවා. AI agents විසින් සාමාන්‍ය විශ්ලේෂණ, සූදානම් කිරීම සහ මූලික කාර්යයන් සිදුකරන විට ඉංජිනේරුවන්ට AI ප්‍රතිඵල ඇගයීම, අවදානම් කළමනාකරණය, නිවැරදි තොරතුරු ලබාදීම සහ මිනිස් විනිශ්චය අවශ්‍ය අවස්ථාවල තීරණ ගැනීම වැනි කාර්යයන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බව සමාගම පෙන්වා දෙනවා.
ELEVATE සංවිධාන කණ්ඩායමේ Senior Technical Architect Asitha Weerasinghe මහතා සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ AI-assisted development සඳහා කණ්ඩායම් හුරු කිරීම ප්‍රධාන අවධානය වූ නමුත්, මේ වනවිට AI agents මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රය පුරා ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.
මෙම වැඩසටහන හරහා AI agents සමඟ කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමේ නව ක්‍රමවේද අත්හදා බලමින් සිටින 99x සමාගම, තාක්ෂණික නවෝත්පාදනය සමඟ ඉංජිනේරු විනය, අවදානම් කළමනාකරණය සහ මානව වගකීමද පවත්වාගෙන යාමට අවධානය යොමු කරමින් සිටින බව සඳහන්.
Post Views: 1
Previous Post

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved