රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් රටපුරා පවත්වාගෙන ගිය පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8.00ට නිල වශයෙන් අවසන් වී තිබේ.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, සිය සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සහ ගැටලුවලට බලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා අද දිනයේදී විශේෂ හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා ඇති බවයි.














