මෙරට ප්‍රථම වරට ප්‍රතිජීවක ඖෂධ (Antibiotic-free) සහ හෝමෝන වර්ග භාවිතයෙන් තොරව කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියා වන ‘New Anthoney’s Farms’ සමාගම, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති ‘Healthy Living Expo 2026’ සෞඛ්‍ය ප්‍රදර්ශනයට පිට පිටම තෙවන වරටත් එක්ව තිබෙනවා. මෙය ‘Medicare 2026’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ 15 වැනි අදියරේ කොටසක් ලෙසයි සංවිධානය කර තිබුණේ
“ලෙඩ වීමට පෙර සුවතාවය රැකගැනීම” යන සංකල්පය මත පදනම්ව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය New Anthoney’s Farms සමාගමේ මූලික මෙහෙවර සමඟ මනාව බද්ධ වී ඇත. කුස්සියේදී සකස් කරන ආහාර මේසයට එන්නට පෙර එම සතුන් ඇති කරන ආකාරය, ලබා දෙන ආහාර සහ සතුන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. කිසිදු අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකිරීම මඟින් පාරිභෝගික ජනතාවගේ දිගුකාලීන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබෙනවා
මෙම ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි ජනතාවට තමන් ලබාගන්නා ආහාර නිපදවන්නේ කෙසේද, ප්‍රතිජීවක භාවිතයෙන් තොර ආහාර ජාතික ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුණා. New Anthoney’s Farms සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය පවුල් වෙනුවෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය සහ ආරක්ෂිත කුකුළු මස් ලබා දීමේ 40 වසරක අභිමානය සමඟ මෙවර ප්‍රදර්ශනයට එක්වීම තමන්ට මහත් සතුටක් ගෙනදුන් බවයි














