ඉරාන සහ රුසියානු බොරතෙල් රහසිගතව හුවමාරු කරගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් වන මලක්කා සමුද්‍ර සන්ධියේදී, නීතිවිරෝධී ලෙස නෞකාවකින් තවත් නෞකාවකට තෙල් මාරු කරමින් සිටි (Ship-to-ship transfer) දැවැන්ත ටැංකි නෞකා දෙකක් අත්අඩංගුවට ගැනීමට මැලේසියානු බලධාරීන් සමත්ව තිබේ. ජාත්‍යන්තර සම්බාධක මගහරිමින් ක්‍රියාත්මක වන “සෙවනැලි නෞකා සමූහයට” (Shadow fleet) මෙලෙස මැලේසියාවෙන් එල්ල වූ ප්‍රහාරය ලෝක දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇත.
ඇමෙරිකාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති පසුබිමක, ඉරානය ඇතුළු රටවල් සිය තෙල් අපනයනය සඳහා විකල්ප සහ රහසිගත මාර්ග භාවිත කිරීමට උත්සාහ කරයි. මැලේසියාව මෙලෙස සිය මුහුදු සීමාව තුළ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම හරහා එම රහසිගත ජාලයේ “පසුපස දොරටුව” (Backdoor) වසා දැමීමට කටයුතු කර ඇති බව විචාරකයෝ පවසති.
පසුගිය දින කිහිපය පුරා හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදය සහ ඇමෙරිකානු සම්බාධක හමුවේ දැඩි පීඩනයකට පත්ව සිටින ඉරාන තෙල් ජාලයට, මැලේසියාවේ මෙම හදිසි වැටලීම තවත් ප්‍රබල පසුබෑමක් වනු ඇතැයි විශ්වාස කෙරේ. නීතිවිරෝධී තෙල් ජාවාරම්කරුවන්ට එරෙහිව සිය මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බව මැලේසියානු වෙරළාරක්ෂක බලකාය අවධාරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














