ඇමරිකානු ජාතික කම්කරු සබඳතා මණ්ඩලයේ පුරප්පාඩු වී ඇති සාමාජික ධුරයක් සඳහා ප්‍රවීණ කම්කරු නීතිඥ ජේම්ස් මේසි නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ මේසි මහතා වසර 40 කට වැඩි කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති අතර ඔහු දැනට ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි මෙම පත්වීම සෙනෙට් මණ්ඩලය විසින් ස්ථිර කරනු ලැබුවහොත් මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනා අතරින් තිදෙනෙකුම රිපබ්ලිකන් පාක්ෂිකයන් වන බැවින් තීරණාත්මක බහුතර බලයක් ඔවුන්ට හිමි වේ
මෙම බහුතර බලය හරහා බිඩෙන් පාලන සමයේදී වෘත්තීය සමිතිවලට වාසිදායක ලෙස හඳුන්වා දුන් ඇතැම් නීති රීති සංශෝධනය කිරීමට ට්‍රම්ප් පාලනය අපේක්ෂා කරයි මේ අතර දැනට මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඩිමොක්‍රටික් පාක්ෂික ඩේවිඩ් ප්‍රවුටි ද දෙවන වාරයක් සඳහා නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත සාමාන්‍යයෙන් මෙම මණ්ඩලය පක්ෂ දෙකේම නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය හිමි වන්නේ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයටයි














