කොල්ලුපිටිය පොලිස් වසමට අයත් සී.වී. ඇවනිව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිදුවූ අනතුරකින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (13) දින මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම තරුණයා ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පලංචියක් මත රැඳී සිටිමින් යකඩ කොටසක් සවිකිරීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී පය ලිස්සා යාමෙන් ඔහු බිමට වැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ ඔහුගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














