2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ නිල රාජ්‍ය උත්සවය අද (14) ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සංවිධානය කර ඇති මෙම උත්සවය සඳහා රාජ්‍ය නායකයින් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙරට සංස්කෘතික උරුමය සහ ජාතික සමගිය විදහා දැක්වෙන පරිදි මෙම උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අවුරුදු නැකැත් චාරිත්‍රවලට අනුව ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන ප්‍රධාන චාරිත්‍රයන් මෙහිදී රාජ්‍ය මට්ටමින් ඉටුකිරීමට නියමිතව තිබේ. මුළු රටම එකම නැකතකට පෙළගැසෙන මෙම සුවිශේෂී මොහොතේ, දේශීය අනන්‍යතාවය සුරකිමින් අලුත් අවුරුදු සිරිය රටටම විදහා දැක්වීම මෙම රාජ්‍ය උත්සවයේ ප්‍රධාන අරමුණයි. උත්සවය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.














