ඉතිහාසය පුරා යුද්ධයන් මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කර ඇති අතර, ජයග්‍රාහකයන් විසින් බොහෝ විට අනාගත පරපුර සඳහා තමන්ට රිසි පරිදි ඉතිහාසය අලුතින් ලියා ඇත. විවිධ ආගම් හෝ විශ්වාසයන් අනුගමනය කරන ජාතීන් අතර ඇති වන යුද්ධවලදී, පැරණි සංස්කෘතික ස්මාරක විනාශ කිරීම හෝ ඒවායේ මුල් ස්වරූපය වෙනස් කර වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම (Repurposing) සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ජෙරුසලම, ඉස්තාන්බුල්හි හගියා සොෆියා (Hagia Sophia) හෝ රෝමය වැනි ඓතිහාසික නගරවල ඉතිහාසය පිරික්සීමේදී නව ආක්‍රමණිකයන් පැමිණීමත් සමඟ පැරණි ස්මාරක නව මුහුණුවරක් ගත් ආකාරය දැකගත හැකිය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර සම්මුතීන් අනුව සන්නද්ධ ගැටුම් අතරතුර සංස්කෘතික ස්මාරක ඉලක්ක කිරීම හුදෙක් හෙළා දැකීමට පමණක් සීමා වූවක් නොව, එය බරපතල ගණයේ යුද අපරාධයක් ලෙස සැලකේ. මෑත දශක කිහිපය තුළ නවීන යුධ ක්‍රමවේදයන් මෙවැනි නිහඬ සංස්කෘතික උරුමයන් කෙරෙහි වඩාත් කුරිරු ලෙස බලපා ඇති බව පෙනී යයි. වසර 2,000කට වඩා පැරණි බාමියන් බුදු පිළිම තලෙයිබාන් සංවිධානය විසින් විනාශ කිරීම මෙයට එක් ප්‍රධාන උදාහරණයකි. ඓතිහාසික උරුමයන් විනාශ කිරීම මඟින් යම් ජනකොටසකගේ අනන්‍යතාවය සහ අතීතය මකා දැමීමට උත්සාහ කරන බැවින්, එය සමස්ත මානව සංහතියටම එරෙහිව සිදුකරන අපරාධයක් ලෙස ජාත්‍යන්තරය පිළිගනී.














