රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ “මාරවිල අකිල” නමැති ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නා වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායිහි සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන “කොණ්ඩා රංජිත්” ගේ ගෝලයකු වන “හයිටෝප් තුෂාර” විසින් මෙහෙයවන ජාවාරමේ මෙරට ප්‍රධානියෙකු ලෙස මොහු කටයුතු කර ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී පහත මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත:
හෙරොයින්: ග්‍රෑම් 120යි මිලි ග්‍රෑම් 580ක්අයිස් මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 53යි මිලි ග්‍රෑම් 610ක්
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු සිය නිවස තුළ මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවාගෙන අවට ප්‍රදේශවලට බෙදාහැර ඇති බවයි. වෙන්නප්පුව පොලිසිය මගින් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














