පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 අප්‍රේල් 13 වන දින දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී සෙඩ්රික් මුලර් මහතා නිකුත් කළ වාර්තාවට අනුව එදින පමණක් වැටලීම් 521 ක් සිදු කර ඇති අතර එහිදී හෙරොයින්, අයිස්, කුෂ්, ගංජා සහ මාවා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සමඟ ගංජා පැළ 3000 ක් ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් හය දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අතර නීති විරෝධී වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුට එරෙහිව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.














