අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් අද සහ හෙට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සීමා වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද පස්වරුවේ සිට බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන අතර හෙට දිනයේදී ධාවනය කෙරෙන්නේ මුළු බස් රථ සංඛ්‍යාවෙන් සියයට 30 ක පමණ ප්‍රතිශතයක් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් අනිද්දා වන විට බස් රථ ධාවනය යළි සාමාන්සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















