2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග දෙකක ක්‍රීඩාංගණ වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පියවර ගෙන තිබේ. අප්‍රේල් 26 වනදා අහමදාබාද්හි පැවැත්වීමට නියමිතව තිබූ තරගය එදින ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන නගර සභා මැතිවරණය හේතුවෙන් චෙන්නායි වෙත මාරු කර ඇති අතර, ඒ වෙනුවට මැයි 21 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට තීරණය කර ඇත. මැතිවරණ දිනයේදී ඇතිවිය හැකි ආරක්ෂක සහ සංවිධාන කටයුතුවල අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව BCCI බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














