ඉරානයට එරෙහිව පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා තිබූ ඇතැම් තෙල් සම්බාධක ලිහිල් කිරීමත් සමඟ, රුසියාවේ තෙල් අපනයන ආදායම මාර්තු මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන්නේ පසුගිය මාසයේදී රුසියාව තෙල් අපනයනයෙන් ඩොලර් බිලියන 19ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර එය පෙර පැවති ආදායම මෙන් දෙගුණයකට ආසන්න අගයක් බවයි. යුක්රේන යුද්ධය හේතුවෙන් පනවා තිබූ සීමාවන් මෙලෙස ලිහිල් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත්තේ ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇති වී තිබෙන තෙල් හිඟය මඟහරවා ගැනීම සඳහා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














