දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං (Lee Jae Myung) මහතා විසින් යුදෙව් සමූලඝාතනය (Holocaust) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද මතභේදාත්මක ප්‍රකාශය පිළිබඳව ඉශ්‍රායලය වෙත ලබා දුන් පැහැදිලි කිරීම එරට විසින් පිළිගත් බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් (Cho Hyun) මහතා අද (15) ප්‍රකාශ කළේය පලස්තීනුවන්ට එරෙහිව ඉශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග සමූලඝාතනයට සමාන කරමින් ජනාධිපතිවරයා එක්ස් (X) පණිවිඩයක් නිකුත් කර තිබූ අතර එය ඉශ්‍රායලයේ දැඩි විරෝධයට මෙන්ම දකුණු කොරියාව තුළ ද දේශපාලනික විවේචනයට ලක් විය
ඉශ්‍රායල උසස් නිලධාරියෙකු උපුටා දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර ඇති වූ මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය වී ඇති බවයි මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙවැනි ප්‍රකාශ මගින් ජාත්‍යන්තර සබඳතාවලට එල්ල විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වා මෙම විසඳුමට එළඹ තිබේ දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කර ගනිමින් ඉදිරි කටයුතු කරගෙන යාමට බලධාරීන් මෙහිදී එකඟතාවය පළ කර ඇත














