ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම සමඟ ගනුදෙනු කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහනම් කර තිබියදීත් ඇතැම් ෆෙඩරල් ආයතන සහ රජයේ නිලධාරීන් එම සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි (AI) මාදිලිය රහසිගතව පරීක්ෂා කරමින් සිටින බව පොලිටිකෝ (Politico) පුවත්පත වාර්තා කරයි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවට අයත් AI ප්‍රමිති සහ නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් ඇන්ත්‍රොපික් සමාගමේ නවතම ‘මිත්වෝස්’ (Mythos) මාදිලිය හරහා පරිගණක පද්ධති හැක් (Hack) කිරීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් වේ
පසුගිය අප්‍රේල් 7 වනදා හඳුන්වා දුන් මෙම ‘මිත්වෝස්’ මාදිලිය කේතකරණය (Coding) සහ ස්වාධීන මෙහෙයුම් සඳහා ඉතා දියුණු හැකියාවන් සහිත තාක්ෂණයකි ආරක්ෂක කොන්ත්‍රාත් ආරවුලක් හේතුවෙන් පෙන්ටගනය මෙම සමාගම සමඟ සබඳතා නතර කළ ද අවම වශයෙන් කොංග්‍රස් කමිටු තුනක කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම තාක්ෂණයේ සයිබර් හැකියාවන් පිළිබඳව දැනුවත් කිරීම් ලබාගෙන ඇති බව ද වාර්තා වෙයි රජයේ ඇතැම් අංශ මෙම දියුණු තාක්ෂණය ජාතික ආරක්ෂාව සඳහා යොදා ගැනීමට රහසිගතව උත්සාහ කරමින් සිටින බව මෙයින් පැහැදිලි වෙයි














