හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට එක්වූ ජනාධිපතිවරයා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූ අතර, ඉන් අනතුරුව මාළිගා පරිශ්‍රයේ සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. එහිදී රැස්ව සිටි ජනතාව ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමූහ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම රාජ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.














