ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450 ක් වටිනා බෝම්බ සහ බුල්ඩෝසර් අලෙවි කිරීම වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ යෝජනා දෙකක් ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් ඊයේ (15) ප්‍රතික්ෂේප කරන ලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් මෙම අවි අලෙවියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව බෝම්බ 12000 ක් සහ හමුදා කටයුතු සඳහා යොදා ගන්නා බුල්ඩෝසර් තොගයක් ඊශ්‍රායලයට ලබා දීමට මග පෑදී ඇත
සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් (Bernie Sanders) විසින් මෙම අවි අලෙවියට එරෙහිව යෝජනා ඉදිරිපත් කළේ ගාසා තීරය ලෙබනනය සහ ඉරානය වෙත එල්ල වන ප්‍රහාරවලින් සිවිල් වැසියන් පීඩාවට පත්වීම සැලකිල්ලට ගනිමිනි කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයට මෙම අවි කඩිනමින් ලබා දීම අත්‍යවශ්‍ය හදිසි අවශ්‍යතාවක් බවයි ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතරයක් මෙම අවි අලෙවියට විරුද්ධ වුවද රිපබ්ලිකන් පාර්ශවයේ දැඩි සහය මත මෙම යෝජනාව සම්මත විය














