දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හවායි ප්‍රාන්තය විසින් ෆොසිල ඉන්ධන සමාගම්වලට එරෙහිව පවරා ඇති නඩුවක් අවහිර කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් උත්සාහය ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ (15) ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රාන්ත අධිකරණ ක්‍රියාවලීන් සඳහා ෆෙඩරල් රජය මැදිහත් නොවිය යුතුය යන “දිගුකාලීන” ප්‍රතිපත්තිය මත පදනම්ව හොනොලුලු හි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු හෙලන් ගිල්මෝර් මෙම තීන්දුව ලබා දී ඇත.
ට්‍රම්ප් පරිපාලනය පවසා තිබුණේ මෙවැනි නඩු හරහා දේශීය බලශක්ති නිෂ්පාදනයට හානි සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත්, නඩුවක් ගොනු කිරීමටත් පෙර එහි ප්‍රතිඵලය අනුමාන කරමින් එය වැළැක්වීමට අධිකරණ දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම පිළිගත නොහැකි බව විනිසුරුවරිය අවධාරණය කළාය. මේ අනුව BP, Chevron, ExxonMobil සහ Shell වැනි ප්‍රධාන පෙළේ තෙල් සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට හවායි ප්‍රාන්තයට දැන් අවස්ථාව ලැබී ඇත. 2026 වසරේදී මෙලෙස ෆෙඩරල් රජයේ බලපෑම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ දෙවන අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.












