අප්‍රේල් මස 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු කළ ආහාර වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) නිවේදනය කරයි. උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැඩපිළිවෙළ යටතේ වෙළෙඳසැල් 12,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී වැටලීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ සනීපාරක්ෂාවට අහිතකර ලෙස ආහාර අලෙවි කිරීම, පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගත් බවයි. උත්සව සමයෙන් පසුව ද ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී යෙදෙන වෙසක් සහ පොසොන් උත්සව කාලසීමාවන් තුළ ද මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.















