සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයලත් ද සිල්වා හෙවත් “කරන්දෙණිය සුද්දා” නැමැත්තාගේ ගිනි අවි ප්‍රවාහනය කළ 26 හැවිරිදි තරුණයෙකු වඳුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ මෙම වැටලීමේදී සැකකරු විසින් පොළොව යට සඟවා තිබූ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ කුමාරකන්ද ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කිරීම, අම්බලන්ගොඩ වෙළෙඳ ආයතන කළමනාකරුවෙකු ඝාතනය කිරීම සහ වැගන් ආර් රථයකට වෙඩි තැබීම වැනි දරුණු අපරාධ සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවට හඳුනාගෙන තිබේ. බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ අතර කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ද පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.















