බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී 29 හැවිරිදි තරුණයෙකු පසුපස හඹා ගොස් කඩුවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීම සඳහා යොදාගත් තවත් කඩුවක් සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධියේදී එක් කඩුවකින් පහර දීමේදී එය තුවාලකරුගේ අතෙහි තදින් රැඳී ඇති අතර, ප්‍රහාරකයින්ට එය ඉවතට ගැනීමට නොහැකි වී තිබේ. එම අවස්ථාවේදී සැකකරුවන් තවත් කඩුවක් ද එම ස්ථානයේම දමා පලා ගොස් ඇති බව වාර්තා වේ. තුවාලකරුගේ අතෙහි රැඳුණු කඩුව පහරදීමේ වේගයට දෙකට නැවී තිබූ බව ද පොලිසිය සඳහන් කළේය. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.














