ස්පාඤ්ඤයේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන රෙප්සෝල් (Repsol) සමාගම වෙනිසියුලාව තුළ පිහිටි සිය තෙල් නිෂ්පාදන වත්කම්වල මෙහෙයුම් පාලනය යළි ලබා ගැනීමට සූදානම් වන බව ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත අද (16) වාර්තා කළේය වෙනිසියුලානු රජය සමඟ ඇති කරගත් නව ගිවිසුමකට අනුව එම සමාගම සිය තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතා හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක වෙනිසියුලාව වැනි රටවල තෙල් නිෂ්පාදනය යළි පණගැන්වීම ජාත්‍යන්තර වෙළඳපොළට ඉතා වැදගත් වේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති දැඩි සම්බාධක සහ අවහිරතා හමුවේ ලොව පුරා බලශක්ති ආනයනය කරන්නන් විකල්ප සැපයුම් මාර්ග සොයමින් සිටින අතර රෙප්සෝල් සමාගමේ මෙම පියවර ගෝලීය තෙල් මිල ස්ථාවර කිරීමට යම් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ














