ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මූලස්ථානය අද (16) නිවේදනය කළේ නාවික හමුදාව සතු දිගු දුර මෙහෙයුම් නෞකා යොදාගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි.
මෙම වැටලීමේදී යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ සොයාගත් මත්ද්‍රව්‍ය සහිත උර තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවායේ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය කරනු ලබන්නේ යාත්‍රාව වරාය වෙත රැගෙන ඒමෙන් පසුව සිදුකරන මූලික පරීක්ෂණවලින් අනතුරුවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරය සිය ජාවාරම් කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිතා කරන බැවින්, එම කලාපයේ නිරන්තර මුර සංචාර සහ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.














