අංගොඩ මන්ඩවිල ශ්‍රී අභයසුමනාරාමාධිපති පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද ස්වාමීන්වහන්සේ අද (16) අපවත් වී තිබේ. අපවත් වන විට උන්වහන්සේ 50 වන වියෙහි පසුවූහ.වසර ගණනාවක් පුරා ශාසනික සහ ආගමික මෙහෙවරක නිරත වූ උන්වහන්සේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වී ඇත. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට සැදැහැවතුන්ට ගෞරව දැක්වීම සඳහා අංගොඩ මන්ඩවිල ශ්‍රී අභයසුමනාරාම විහාරස්ථානයෙහි තැන්පත් කර තිබේ.පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) පස්වරුවේ කලපළුවාව සිද්ධාර්ථ විදුහල් ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බව විහාරස්ථ දායක සභාව දැනුම් දෙයි.














