දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කර ඇත්තේ කොළඹින් පිටත පාසල්වල පවතින ක්‍රීඩා පහසුකම් අවම වීම මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
කොළඹින් බැහැර බොහෝ පාසල්වල ප්‍රමිතිගත මීටර් 400 ධාවන පථ නොමැතිකම හේතුවෙන් ග්‍රාමීය මලල ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු විසඳීම මෙහිදී ප්‍රමුඛතාවයක් ගනී. ඒ අනුව තෝරාගත් පාසල් ක්‍රීඩා පිටි ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංවර්ධනය කිරීමට නියමිතය.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රීඩා දක්ෂතා සපිරි පාසල් හඳුනාගෙන, එම පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීම මෙහි අපේක්ෂාවයි. මීට අමතරව පාසල් ක්‍රීඩා තරගාවලි වඩාත් ක්‍රමවත්ව පැවැත්වීමට ද මෙමඟින් මඟ පෑදෙනු ඇත.














