සෞදි අරාබියේ රියාද් නගරයට ආසන්නව ඉදිවන “කිඩියා” (Qiddiya) දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩා සහ අශ්ව රේස් තරග ඉලක්ක කරගත් නව හෝටල් සංකීර්ණයක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව අද (16) වාර්තා විය. සෞදි අරාබියේ සංචාරක සහ විවේකී ගමනාන්තයක් ලෙස මෙය ලෝක අවධානය දිනාගැනීමට නියමිතය.
සූදානම් වෙමින් පවතින මෙම ව්‍යාපෘතිය යටතේ ෆෝමියුලා 1 (Formula 1) ධාවන පථයකට මුහුණලා තරු පහේ “Sports Car Hotel” සහ තරු හතරේ “F1 Overlook Hotel” නමින් හෝටල් දෙකක් මෙන්ම දීර්ඝකාලීන නවාතැන් සඳහා සේවා සපයන නිවාස සංකීර්ණ 65ක් ද ඉදි කෙරේ. කිඩියා නගරයේ ‘Core Resort District’ කලාපයේ පිහිටුවන මෙම සංකීර්ණය 2034 වසර වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
රියාද් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 45ක් දුරින් පිහිටි මෙම කිඩියා නගරය ප්‍රමාණයෙන් ප්‍රංශයේ පැරිස් නගරය මෙන් තුන් ගුණයකටත් වඩා විශාල වන අතර එය රැකියාව, විවේකය සහ සාප්පු සවාරි යන සියල්ල එකම තැනකදී අත්විඳිය හැකි ලෝක මට්ටමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇත. මීට අමතරව අශ්වාරෝහක ක්‍රීඩාව (Equestrian Racing) සඳහා ද මෙහි සුවිශේෂී ඉඩකඩක් වෙන් කර තිබේ.













