ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) සඳහා සහභාගී වීමට ජාත්‍යන්තරයේ ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා දිවයිනට පැමිණීමට නියමිතය. මෙම සංචාරය සත්ව සහ මානව සබඳතාවල නව මානයක් සනිටුහන් කරමින් විශේෂත්වයන් කිහිපයකින් සමන්විත වේ.
බොහෝවිට සුනඛයන් ගුවන් යානාවල භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) ප්‍රවාහනය කළද, ආලෝකා සහතිකලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස පිළිගෙන ඇති බැවින් මගී කුටිය තුළම (In-cabin) ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අසලම විශේෂ ආසනයක් ආලෝකා වෙනුවෙන් වෙන් කර තිබීම සුවිශේෂී සිදුවීමකි.
පන්සිය පනස් ජාතක කතාවල එන ‘කුක්කුර ජාතකය’ සිහිපත් කරමින්, ආලෝකා ද මතු බුදුවීමට පෙරුම් පුරන බෝධිසත්වයෙකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියි. මෙම ආකල්පය මෙරට සිටින නිවාස අහිමි සුනඛයන් ඇතුළු සමස්ත සත්ව ප්‍රජාව කෙරෙහිම ජනතාව තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සත්ව කරුණාව සහ ලෝක සාමය පෙරදැරි කරගත් මෙම අපූර්ව සහභාගීත්වය, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාම පා ගමන කෙරෙහි ජාත්‍යන්තර අවධානය තවදුරටත් යොමු කරවීමට සමත්ව තිබේ.














