රුපියල් හත්ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා විසිතුරු පැළ 229 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පසුගියදා (11) කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී මොහු මෙම පැළ තොගය සිය ගමන් මලු තුළ සඟවාගෙන කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කිරීමට උත්සාහ කර තිබේ
මෙලෙස නිසි අවසරයකින් තොරව ශාක මෙරටට රැගෙන ඒම ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නිරෝධායන පනත ද උල්ලංඝනය කිරීමකි විධිමත් පරීක්ෂණයකින් පසු අදාළ විසිතුරු පැළ තොගය රාජසන්තක කිරීමට පියවර ගත් රේගු බලධාරීන්, සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය විදේශීය ශාක මඟින් දේශීය පරිසර පද්ධතියට හානිකර පලිබෝධකයින් හෝ රෝග ඇතුළු විය හැකි බැවින් මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීමට රේගුව නිරන්තර අවධානයෙන් පසුවෙයි


















