ගල් අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත්, ඒවා පරීක්ෂණ සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඊට සහාය වීම මහජනතාවගේ වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.අතීතයේ සිට ගල් අඟුරු මිලදී ගැනීමේදී සහ බෙදා හැරීමේදී සිදුව ඇතැයි සැක කෙරෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීම රජයේ මූලික අරමුණයි.
දූෂණයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට නම් සත්‍ය තොරතුරු සහිත ඕනෑම පාර්ශවයකට මෙම කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.












