ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් වෝහාරික විගණනයක් (Forensic Audit) ආරම්භ කිරීමට පෙර, එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ
විදේශීය විගණකවරුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලය තාවකාලිකව තනතුරුවල රඳවාගෙන සිටියද, ඔවුන්ට සාක්ෂි විනාශ කිරීමට හෝ සේවකයන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ජාත්‍යන්තර බැසල් කමිටු මාර්ගෝපදේශ සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම අනුව, මෙවැනි විමර්ශනයකදී චූදිතයන් පාලන බලයෙන් ඈත් කළ යුතු වුවද මෙතෙක් එය සිදු නොවීම ගැටලුසහගත බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
අදාළ වංචාව වසා ගැනීම සඳහා මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකාර අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනා ඉදිරිපත් වී තිබේ.
මෙම මූල්‍ය වංචාව හේතුවෙන් තැන්පත්කරුවන්ට බලපෑමක් නැතැයි මහ බැංකුව පැවසුවද, අප්‍රේල් 06 වැනිදා ගෙවීමට තිබූ ලාභාංශ අත්හිටුවීම හේතුවෙන් මෙරට පොදු අරමුදල්වලට විශාල පාඩුවක් සිදුව ඇත. ඒ අනුව EPF අරමුදලට රුපියල් මිලියන 260ක්, රක්ෂණ සංස්ථාවට මිලියන 305ක්, ලංකා බැංකුවට මිලියන 218ක් සහ ETF අරමුදලට මිලියන 93ක් ලෙස මහජන මුදල් අහිමි වී තිබේ. මෙය සංයුක්ත පොළිය පදනම් කරගත් විශ්‍රාම අරමුදල්වල අනාගත වටිනාකම බිලියන ගණනින් අහිමි කරන ඛේදවාචකයක් බවට විද්වතුන් අනතුරු අඟවයි.














