වත්මන් රජයේ ඉදිරිපෙළ නායකයන්ගේ අතිවිශාල වත්කම් හෙළිදරව් වීමත් සමඟ, පක්ෂය වෙනුවෙන් කැප වූ පූර්ණ කාලීන සාමාජිකයන් ජනතා විමුක්ති පෙරමුණ අතහැර යමින් සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රෝහණ විජේවීර සහ සෝමවංශ අමරසිංහ වැනි නායකයන්ගේ අව්‍යාජ කැපකිරීම් මත පදනම්ව, පෞද්ගලික ජීවිතය පසෙකලා පක්ෂයට සේවය කළ සාමාජිකයන් වත්මන් නායකත්වයේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස කලකිරී ඇත. අතීත රුසියාවේ සාර් පාලන සමයේ මෙන් වත්මන් නායකයන් කෝටිපතියන් වී සුරසැප විඳින අතරතුර, සාමාන්‍ය පාක්ෂිකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බව ද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.














