ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් මෙරට තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් යුරෝපීය ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ යතුරුපැදි සහනදායී මිලකට හඳුන්වා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
සාමාන්‍ය පාරිභෝගිකයන්ට රුපියල් 85,000ක මුදලක් ගෙවා යතුරුපැදියක් රැගෙන යාමට අවස්ථාව සලසා ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් රුපියල් 3,000ක් වැනි ඉතා සුළු මූලික ගෙවීමක් යටතේ යතුරුපැදි ලබා දීමට පියවර ගෙන ඇත. මීට අමතරව විශේෂ කාර්ය බලකායේ (STF) රාජකාරි සඳහා රුපියල් මිලියන 430ක් වටිනා සුපිරි යතුරුපැදි 50ක් නොමිලේ ලබා දී ඇති අතර ඒවායේ ඉදිරි වසර 15ක නඩත්තු කටයුතු ද නොමිලේ සිදු කිරීමට ඇවන්ගාඩ් සමාගම එකඟ වී තිබේ.
චීනයෙන් ආනයනය කරන මෙම යතුරුපැදි සඳහා වසර හතරක පූර්ණ වගකීමක් හිමිවන අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද ඉදිරි වසර හතරක කාලය සඳහා අමතර කොටස්වල මිල නොවෙනස්ව තබා ගැනීමට සේනාධිපති මහතා සහතික වී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අප්‍රිකානු රටවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙය ලාභයට වඩා තාරුණ්‍යයේ සිහින සැබෑ කරන මෙහෙවරක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














