ජනතා සංඛ්‍යාත (Airwaves) අවභාවිත කරමින් ඇතැම් මාධ්‍ය ආයතන සාවධ්‍ය තොරතුරු සහ බොරුව සමාජගත කරමින් සිටින බව අලුත් පියාපත් සංවිධානය චෝදනා කරයි.
අද (20) පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානය අවධාරණය කළේ මෙම මාධ්‍ය ආයතන ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි. සමාජයට සාවධ්‍ය කරුණු ප්‍රචාරය කරන මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ජනතාව පෙළගැසීම ද අත්‍යවශ්‍ය කරුණක් බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.














