විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ මැයි දින රැලියක් පැවැත්වීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (අප්‍රේල් 20) ප්‍රකාශ කළේය.
විපක්ෂයේ පක්ෂ එක්විය යුතු බව තමන් විශ්වාස කළද ඒකාබද්ධ මැයි දින රැලියක් පැවැත්වීම සඳහා වන එකඟතාවයකට පැමිණීම පිළිබඳව තවමත් සහතික විය නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මැයි දින රැළිය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ සහ අනෙකුත් කණ්ඩායම් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














