යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අයගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2011 වසරේ දෙසැම්බර් 10 වැනි දින යාපනය ආවරංගල් ප්‍රදේශයේදී අතුරුදන් වූ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින හේබියස් කෝපස් පෙත්සමට අදාළව, ආරක්ෂක හේතූන් මත යාපනයට පැමිණීමට නොහැකි බව දැක්වීම නිසා, ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි ලබා දෙන ලෙස මෙම නියෝගය කර ඇත.












