සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සිය සංචාරය නිම කරමින් අද (අප්‍රේල් 20) දිවයිනෙන් පිටත්ව ගිය බව නාවික හමුදාව පවසයි.
දිවයිනේ රැඳී සිටි කාලය තුළ නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ සුහද ක්‍රීඩා තරග ඇතුළු විවිධ වැඩසටහන් කිහිපයකට සහභාගී විය. දෙරටේ නාවික හමුදාවන් අතර පවතින සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් විය.
නෞකාව පිටත්ව යන අවස්ථාවේදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පිරිනැමූ අතර, කොළඹ වරායෙන් පිටත්ව යන නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සිය සුබපැතුම් එක් කළහ.













