දකුණු කොරියාවේ ප්‍රධාන ආහාර බෙදා හැරීමේ වේදිකාවන් හරහා සිදුවන ගනුදෙනු සහ පාරිභෝගික වියදම් ඉහළ යෑම හේතුවෙන්, පසුගිය මාසයේ ඇස්තමේන්තුගත මාසික ගෙවීම් ප්‍රමාණය වොන් ට්‍රිලියන 3.03ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 10ක කැපී පෙනෙන ඉහළ යාමකි.
Baedal Minjok, Coupang Eats, Yogiyo සහ Ttaenggyeoyo යන ප්‍රධාන ඇප් හතර භාවිතා කරමින් ගෙවීම් කළ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 24.85ක් දක්වා සියයට 7කින් වැඩි වී ඇත. එක් පුද්ගලයෙකු සාමාන්‍යයෙන් මසකට සිදු කරන ගනුදෙනු වාර ගණන 5 සිට 5.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එක් අයෙකුගේ සාමාන්‍ය මාසික වියදම වොන් 122,349ක් ලෙස සටහන් වේ.
මෙම වර්ධනය අඛණ්ඩව තෙවැනි වසරටත් වාර්තා වීම විශේෂත්වයක් වන අතර, දකුණු කොරියානු ජනතාව අතර ආහාර බෙදා හැරීමේ සේවාවන් තවදුරටත් ජනප්‍රිය වෙමින් පවතින බව මින් පැහැදිලි වේ. කෙසේ වෙතත්, මෙම දත්ත බැංකු මාරු කිරීම් හෝ මුදල් ගනුදෙනු (Cash) ඇතුළත් නොවන කාඩ්පත් ගෙවීම් මත පදනම් වූ ඇස්තමේන්තුවක් බව ද සඳහන් වේ.














